
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය.
ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 07 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.
ප්‍රදර්ශනය අගෝස්තු 16 සිට 20 දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වේ.
ප්‍රදර්ශනයේ සංවිධායකයන් පවසන පරිදි මෙම යෝධ වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් සහභාගී වනු ඇත.
එයට සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් ඇතුළත් වේ.
‘පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
අගමැතිවරයා සමඟ රාජ්‍ය ඇමැතිවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර සහ කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අගමැති ලේකම් අනුර දිසානායක යන පිරිසද මෙම සංචාරයට එක්ව සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart