
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසී ඇත.
ඒ තායිලන්තයේ වැදගත්ම ආගමික සිද්ධස්ථානයක් ලෙස සැළකෙන වන වට් ෆෝ හිදී ය.
මේ සම්බන්ධව ගගන් මලික් සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසීමට ලැබීම ගෞරවයක් ලෙස හැඟුණු බවයි.
“ඇය ඉතා නිහතමානී හා කරුණාවන්ත විය. සුන්දර ශ්‍රී ලංකාවක් තැනීම වෙනුවෙන් ඇය බොහෝ සෙයින් කටයුතු කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.“ යැයි ද එම සටහනේ අඩංගු වේ.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් 6 වැනි සමුළුවට සහභාගී වීම සදහා අගමැතිනිය එරටට පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart