
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට් එම ධූරයෙන් නෙරපා හැර තිබේ.
ඒ, ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇති වූ මහජන මතභේද හේතුවෙන් බව එරට ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ගලාන්ට් වෙනුවට ඊශ්‍රායලයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරට විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි සඳහන් වේ.
හිස්බුල්ලා සංවිධානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධයේදී ප්‍රබල චරිතයක් ලෙස ධූරයෙන් පහ කරන ලද ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කළේය.
එහෙත් මෑතකදී ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණඇපකරුවන් මුදාහැරීමේ ගනුදෙනුවක් ඉල්ලා සිටි ගලාන්ට් නෙරපා හැරීමේ විස්මිත පියවර පැමිණෙන්නේ, ඊශ්‍රායලයේ ඉහළම හමුදා සහායකයා වන අමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළයි.
ගාසා යුද්ධයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් ගලාන්ට් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මාස කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර මතභේදයක් පැවතිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart