
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොතරැයිවල මිල රුපියල් 40 දක්වා ඉහළ දමා තිබුණද පසුගිය බ්‍රහස්පතින්දා (06) ලොතරැයිපත් අලෙවිය ඉතා සාර්ථක වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) සඳහන් කරයි.
දිවයින පුරා සිටින බොහෝ අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකයන්ගේ උනන්දුවෙන් හා කැපවීමෙන් ලොතරැයි අලෙවි කිරීම මෙන්ම වැඩි වූ ත්‍යාග මුදල අලෙවියේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතු බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී හසිනි ජයසේකර පවසා ඇත.
ඇතැම් NLB ලොතරැයි ටිකට්පත්වල ත්‍යාග මුදල දෙගුණ තෙගුණ කර ඇති අතර, ත්‍යාග මුදල් රුපියල් 2000 සිට 5000 දක්වාත් රුපියල් 10,000 ත්‍යාග මුදල 100,000 දක්වාත් වැඩිකර තිබෙන බව ඇය සඳහන් කර තිබේ.
අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකයන් සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන බව ද ඇය පවසා ඇත.
මේ අතර, ජාතික ලොතරැයි මණ්ඩලය අපේක්ෂා කළ පරිදි දිවයින පුරා අළෙවිය හොඳින් ක්‍රියාත්මක වන බවත්, අලෙවියෙන් සියයට 98ක් සඳහා ලොතරැයි අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකයන් සම්බන්ධ වූ බවත්, ඇය වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart