
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කිරීමේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නැවත සළකා බැලීමේ හැකියාවක් පවතින බව ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.
රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
දූෂණය අවම කර ශ්‍රී ලංකාවට ලැබිය යුතු නමුත් වෙනත් තැනක සඟවා ඇති මුදල් ආපසු ගෙන ඒම රජයේ විශිෂ්ට අභිප්‍රායක් බව ද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, ඉන්දියාව සිය දැක්ම ප්‍රකාශය යටතේ ශ්‍රී ලංකාව සඳහා සංවර්ධන සැලසුම් යෝජනා කර ඇති බව පෙන්වා දුන් ඔහු අනෙකුත් විදේශීය මිත්‍ර රටවල් සමඟ ඇති සබඳතාවලට බලපෑම් නොකිරීමට ශ්‍රී ලංකාව එම සැලසුම් ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව ද අවධාරණය කළේය.
ජාතික ජන බලවේග රජය ලැබූ සුවිසල් ජයග්‍රහණයෙන් පෙනී යන්නේ සෙසු පක්ෂවල ප්‍රභූ දේශපාලනයට ජනතාවගේ ඇති අකමැත්ත බව ද ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේය.
ආසන තුනක් හිමිව තිබූ පක්ෂයකට ආසන 159ක් ලබා දෙමින් ජනතාව බලාපොරොත්තු වී ඇත්තේ සම්පූර්ණ වෙනසක් බවත් එම වෙනස එක් රැයකින් කළ හැක්කක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart