
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති හිමිකම්, දීමනා සහ වරප්‍රසාද සමාලෝචනය කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව සති හයකින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර සඳහන් කරන්නේ කමිටු වාර්තාව අනුව අදාළ තීරණ ගන්නා බවයි.
කමිටුවට ලබා දී තිබූ මාස තුනක කාලසීමාවෙන් දැනට අවසන් වී ඇත්තේ සති හයක් පමණක් බව විජේබණ්ඩාර පෙන්වාදී තිබේ.
කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීති සංශෝධනය කරන්නේ දැයි කළ විමසීමකට ඔහු සඳහන් කර ඇත්තේ වාර්තාව තවමත් සකස් වෙමින් පවතින බැවින් එහි අන්තර්ගතය සාකච්ඡා කිරීමෙන් වැළකී සිටින බවයි.
මෙම නොවැම්බර් මස මුලදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමැතිවරුන්ට මින් ඉදිරියට කොළඹින් නිවාස නොලැබෙන බව ප්‍රකාශ කළේ ගමට ගොස් ජනතාවගේ ප්‍රශ්නවලට අවධානය යොමු කිරීම ඔවුන්ගේ යුතුකම බව අවධාරණය කරමිනි.
මාතර පැවති දේශපාලන රැලියකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය විසින් 25කට අඩු ඇමැති මණ්ඩලයක් පත් කරන බවත්, ඔවුන්ගේ වරප්‍රසාද විශාල ලෙස කප්පාදු කරන බවත්ය.
ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හිටපු ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මීට පෙර භාවිත කළ රජයේ වාහන ආපසු ලබාදීමට පියවර ගෙන තිබිණි.
අනවශ්‍ය වියදම් මැඩපැවැත්වීම සඳහා ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වෙන් කර ඇති වාහන සංඛ්‍යාව අඩු කිරීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.
රාජ්‍ය නිලධාරීන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා වූ කමිටුව පිහිටුවනු ලැබුවේ ඒ සඳහා අගමැතිවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුවය.
කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි පත්කෙරුණු අතර විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්ත සී.ටී. බුළුමුල්ල එහි සෙසු සාමාජිකයෝ වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart