
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ වාර්තා සහ විෂය ප්‍රාමාණිකයන්ගේ අදහස් උපුටා දක්වමින්, ශ්‍රී ලාංකාවේ ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට ජනමාධ්‍ය ඔස්සේ පළකර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරයි.
එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළකර ඇති බවට, මැයි 24 වැනිදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින්, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සඳහන් කර තිබේ.
එම වෙබ් අඩවියට ප්‍රවේශවීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී ජනමාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධීවීම කණගාටුවට කරුණක් බව ද හෙතෙම පවසයි.
කෙසේවෙතත්, මෙරට පුද්ගලයන් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් කළ අධ්‍යනයකින් අනාවරණ වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පසුගියදා අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57කට අධිකවන අතර, ඉන් සියයට 33ක් මේ වන විට දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි ද එම අධ්‍යනයෙන් පෙන්වා දී තිබේ.
සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බවත්, ඇතැම් පවුල් දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර ඉතා අඩු වටිනාකම් සහිත පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමට පෙළඹී ඇති බවත් එහිදී මහාචාර්යවරයා සඳහන් කරයි.
ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවන බවත්, ආහාර සුරක්ෂිතතා දර්ශකයේ මේ වන විට ශ්‍රී ලංකාව පසු වන්නේ 79 ස්ථානයේ බවත්, මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart