
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාහාටද යන්න තීරණය කරන්නේ සියලු අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
“අපේක්‍ෂකයින් ඉදිරිපත් කරන්නේ කුමක් දැයි සොයා බැලිය යුතුයි. ඊට පස්සේ අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. අපේ අවසන් තීරණය ගන්නේ මේ සාකච්ඡාවෙන් පසුවයි,” සුමන්තිරන් ජනමාධ්‍ය වෙත පැවැසීය.
ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සිය නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන බවට සමගි ජන බලවේගය කරන ප්‍රකාශය පිළිබඳව විමසූ විට සුමන්තිරන් කියා සිටියේ තම පක්ෂය ප්‍රේමදාසට සහාය දෙනු ඇතැයි සිතන්නේ නම් සජබ සිහින දකින බවයි.
මේ අතර ආණ්ඩුව ගෙනයන ඉඩම් බෙදාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රසාදය පළකළේය.
තවද, දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට විරුද්ධ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart