
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්රීවරුන් 225 දෙනාගෙන් කිසිවකු සමග දේශපාලන සන්ධානගත නොවීමට තමා ඇතුළු සිවිල් සංවිධාන තීරණය කර ඇති බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක ප්රකාශ කරයි.
ජාතික සිවිල් සංවිධාන පෙරමුණ (NCOF) සමඟ ඊයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ඔහු කියාසිටියේ මහජනතාව විසින් මන්ත්රීවරුන් 225දෙනා ප්රතික්ෂේප කර ඇති බවත්, ඔවුන්ගෙන් කෙනෙකු වීමට තමා අපේක්ෂා නොකරන බවත්ය.
“මේ වන විට සිවිල් සංවිධාන රට වැටිලා තියෙන තැනින් ගොඩගන්න මහා ජාතික මෙහෙවරක් කරගෙන යනවා. අපි මේ මෙහෙයුම නම් කළේ ‘රෙස්කියු ශ්රී ලංකා’ ලෙසයි. රට නඟාසිටුවීමට සිවිල් සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන යහපත් නායකයෙකු ගොඩනැගීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ජනතාව කටයුතු කළයුතු කාලය පැමිණ තිබෙනවා,” යැයි ජනක රත්නායක පැවැසීය.
“රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා නිවැරදි හා කෙටිම මාර්ගය වෙනුවෙන් නිසි ක්රියාකාරී සැලැස්මක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අපි වත්මන් ආණ්ඩු පක්ෂ ප්රතික්ෂේප කරන අතරම ඔවුන්ට බලයට පැමිණීමට තවත් අවස්ථාවක් ලබානොදීමට වගබලා ගන්නවා. වර්තමාන දේශපාලන පක්ෂ නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා සන්ධාන ඇතිකළ යුතුයි. අපි පවතින දේශපාලන පක්ෂ සමඟ හෝ 225 මන්ත්රීවරුන් සමඟ අත්වැල් බැඳ ගන්නේ නැහැ. ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart