
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිකේතනය බවට පත්වෙමින් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ අද නිල වශයෙන් විවෘත කෙරේ.
එය නිවේදනය කරමින් ඊයේ රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ අනුග්‍රහය ඇතිව ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක වටිනාකමින් යුතුව දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියේ එහි නිල සමාරම්භක උත්සවය අද පැවැත්වෙන අතර එම අවස්ථාවට සුපිරි බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් සහභාගීවීමට නියමිතය.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ගෝලීය කැසිනෝ ක්‍රියාකරු වන Melco Resorts and Entertainment Limited සමඟ එක්ව ක්‍රියාත්මක වූ Cinnamon Life Integrated Resort ලෙස මීට පෙර හැඳින්වූ නිවාඩු නිකේතනය මෙලෙස ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ලෙස නම්කර ඇත.
එම ව්‍යාපෘතිය ලෝක මට්ටමේ කැසිනෝ ශාලාවක්, සුඛෝපභෝගී නුවා හෝටලයක් සහ ප්‍රිමියම් සාප්පු සංකීර්ණයකින් සමන්විතය.
මෙම නිවාඩු නිකේතනය වර්ග අඩි 180,000 ක කැසිනෝ ශාලාවකින් ද සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart