
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි සමූහ ව්‍යාපාරය වෙනත් රටවල් සමඟ කරන ගනුදෙනු ගැන ශ්‍රී ලංකා රජය සැළකිල්ලක් නොදක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
එමෙන්ම, ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජය අවධානය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ අදානි සමූහ ව්‍යාපාරය සිදු කරන දෑ සම්බන්ධයෙන් පමණක් බවයි.
ඔහුගේ ස්ථාවර ආණ්ඩුව තවත් ඉන්දියානු ආයෝජන සඳහා මාර්ග විවර කිරීමට අදහස් කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත.
“ඔවුන් (අදානි) වෙනත් රටවල් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට කිසිදු සැළකිල්ලක් නැහැ. අපට වැදගත් වන්නේ ඔවුන් අප සමඟ වැඩකරන ආකාරයයි,” ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ The Economic Times පුවත් සේවය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.
“අපි මූලික වශයෙන් අපේ ආයෝජන, අපේ සංවර්ධනය ගැන සැළකිලිමත් වෙනවා. ඔවුන් අපේ රටේ වැඩකළ ආකාරය අපි සොයා බලනවා,
ඔවුන් අපට ගැළපෙන, අපගේ මුල පිරීම්වලට ගැළපෙන ආකාරයට වැඩකර ඇත්නම්, අපි අදානි සමූහය සමඟ වැඩකළාට කමක් නැහැ.” යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
තම පාලනය එම රාමුවක් තුළ සිට අදානි සමූහය දෙස නොබලන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැහැදිලිව පැවසුවද, ඔහු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පාරිසරික ගැටළු කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබේ.
“ඔවුන් (අදානි) කොළඹ වරායේ බටහිර පර්යන්තය නිමකරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන ගැනත් ඔවුන් බලනවා. ඒ අය බලපු ආයෝජන ඕන තරම් තියෙනවා. නමුත් අවාසනාවට පරිසර හිතකාමීන් පිරිසක් නඩුවක් දාලා තියෙනවා.” ජනාධිපතිවරයා පවසා ඇත.
“අපි උසාවියේ පවතින නඩුවේ වාසි සහ අවාසි, (මෙන්ම) ජනතාවගේ සම්මුතිය කිරා මැන බලන්න ඕනේ. ඉන්පසු හොඳම දේ කුමක්දැයි බලනවා. ශ්‍රී ලංකාවට ආයෝජනය කරන තරමටම පාරිසරික අවශ්‍යතා ද වැදගත් බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart