
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරන බව ‘දේශය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව පසුගියදා වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000 ක් සෑම සේවකයකුටම හිමිවනු ඇත.
රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැනටමත් පත්කර තිබේ.
එහෙත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවයි.
එසේ වුවද එම කමිටුව සහ මුදල් අමාත්‍යංශය මෙම යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කර තිබුණද ජනාධිපතිවරයා තම මතය වෙනස් කරගෙන නැත.
මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවද කමිටුව පෙන්වා දී තිබේ.
කෙසේවුවද මැදහත් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ මෙය ඡන්ද තුරුම්පුවක් වන අතර, එහි බර ඊළඟට පත්වන රජය මගින් දැරීමට සිදුවනු ඇති බවය.
ජනාධිපතිවරණය අභියස බදු පැනවීමකට යාමටද ආණ්ඩුවට හැකියාවක් නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart