
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු අද ඊයේ (16) ආරම්භ විය.
ඉන්දීය රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 600ක අනුග්‍රහය (ප්රදානය) යටතේ ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිලි සංකීර්ණය මගින් මන්නාරම සහ ඊට ආසන්න ප්‍රදේශවල ජනතාවට හදිසි ප්‍රතිකාර හා විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට පවතින අවස්ථාවන් සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අතිනවීන වෛද්‍ය පහසුකම් සහ උසස් ප්‍රතිකාර ක්‍රමවේදවලින් සමන්විත මෙම නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් 2028 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම ඒකකය ජනතා අයිතියට පත්කිරීමත් සමග මන්නාරම ප්‍රදේශවාසීන්ට හදිසි ප්‍රතිකාර මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවාවන් රැසක් තමන්ගේ ප්‍රදේශයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමගින් හදිසි වෛද්‍ය අවශ්‍යතා සඳහා කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත යෑමට තිබූ අවශ්‍යතාවය ද අවම වනු ඇත.
වේගයෙන් සංවර්ධනය වන මන්නාරම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම නව ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට සමාන්තරව, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, කාර්ය මණ්ඩල සහ අනෙකුත් අත්‍යවශ්‍ය සම්පත් ලබා දීමට ද රජය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart