
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේදී දිනවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව පිහිටුවූ නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට සූදානම් බව වාර්තා වේ.
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්ගේ මූලිකත්වයෙන් සහ සුගීශ්වර බණ්ඩාරගේ සංවිධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපයක් එකතුවීමට ද නියමිත අතර ඉන් දෙදෙනකු නැගෙනහිර පළාත නියෝජනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයන් වීම ද විශේෂත්වයක් යැයි එම කාර්යාලය සඳහන් කරයි.
මේ අතර, නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීම සඳහා රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් බොහෝදෙනකු මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හමුවී සාකච්ඡා පවත්වමින් තිබෙන බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart