
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර දිසානායක තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට බලා අද පිටත්ව ගියේය.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ද එක්ව සිටිති.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර ප්‍රධාන ගිවිසුම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතා සඳහා එළඹීමට නියමිතය.
මීට අමතරව, ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ ඉන්දීය රජයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart