
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.
වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්රයන්හි ආයෝජන සිදුකරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.
වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබපැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇතිකිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී.
වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන අය සහ දෙරටේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගීවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart