
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමඟ සබඳතා ගැඹුරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතාව සහ කලාපීය එකමුතුකම ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ පැවති 3 වැනි ‘ගෝලීය දකුණේ හඬ’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සමුළුව සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන් සහභාගී වී තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැසිය සඳහා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ විය.
ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
බිම්ස්ටෙක් සංගමයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් කලාපීය විස්තීරණ ආරථික හවුල්කාරීත්වයෙහි සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart