September 27, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති දිසානායක පැවසුවේ, අඟහරුවාදා (23) ලොට් නිව්යෝර්ක් පැලස් හෝටලයේ පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට තමන් සහභාගී වූ බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි රාජ්‍ය නායකයන් සඳහා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඔහු තවදුරටත් සඳහන් කරයි.