
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව නව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා කියාසිටියේ දෙසැම්බර් මස මැද භාගයේදී ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපතිවරයා සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ශක්තිමත් කිරීම සඳහා ගමන් කරන බව ලෝකයට ප්‍රකාශ කිරීමට නව ආණ්ඩුව අපේක්ෂා කරන බවත්, පුරවැසියන්ට ස්ථාවර සුන්දර රටක් සහතික කරන බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart