
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ මව්පියන් පිරිසක් අතර ඊයේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම උපදෙස් දුන් බවයි.
ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.
පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙසත් මව්පියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart