
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයාගේ දේහය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් අප්‍රේල් 23 වැනිදා පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ වෛද්‍ය පී රෝහණ රුවන්පුර, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුදිත විදානපතිරණගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.
පසුගිය අප්‍රේල් 9 වැනිදා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මියගිය තරුණයාගේ මව මීට පෙර කළ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ සෑහීමට පත්වීමට නොහැකි වූ බවට දිවුරුම් ප්‍රකාශයක් දැනටමත් ගොනුකර ඇති බවයි.
ඒ අනුව, දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දේහය ගොඩගෙන විශේෂඥ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළේය.
අද එම නියෝගයට අනුව, යෝජිත පරීක්ෂණයේ තොරතුරු සහ ඊට පවරන ලද විද්වත් මණ්ඩලයේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart