August 10, 2025

ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි තමන්නා භාටියා ඊයේ සවස බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් පැමිණීමේ පර්යන්තයේ සිටි ජනමාධ්‍යවේදීන්ට මුහුණදීම ප්‍රතික්ෂේප කර තිබේ.

වාර්තාවලට අනුව, තමන්නා භාටියා ජනමාධ්‍ය දුටු විට ආපසු හැරී වෙනත් ස්ථානයකින් පිටව ගොස් ඇත.

ඒ අවස්ථාවේ ඇය මේකප් භාවිතයකින් තොරව සැබෑ ස්වරුපයෙන් සිටි නිසා මෙලෙස ජනමාධ්‍ය මගහරිමින් පිටව ගිය බව වාර්තා වේ.

අනුරාධපුරයේ වෙළඳ දැන්වීමක රූගත කිරීම් සඳහා තමන්නා භාටියා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ආරංචි මාර්ග අනාවරණය කරයි.