
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් ගාසා තීරයේ පිහිටි එකම කතෝලික දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළකරන බව ඊශ්‍රායලය පවසයි.
ගාසා යුද්ධයෙන් අවතැන්ව සිටි සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාව සඳහා එම ශුද්ධ වූ පවුලේ දේවස්ථානය නවාතැනක් වූ අතර බ්‍රහස්පතින්දා උදෑසන ඊශ්‍රායලය විසින් ඊට ප්‍රහාර එල්ල කර තිබිණි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ ගාසාවේ පිහිටි ශුද්ධ වූ පවුලේ දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වීම ගැන ඊශ්‍රායලය බලවත් කණගාටුව පළකරන බව සහ ඉන් අහිමි වූ සෑම අහිංසක ජීවිතයක්ම ඛේදවාචකයක් බවයි.
සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර සිවිල් වැසියන් සහ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
මේ අතර වතිකානයේ ප්‍රධාන පල්ලිය පැවසුවේ XIV ලියෝ පාප් වහන්සේ ඊශ්‍රායලයේ ප්‍රහාරය පිළිබඳ දැඩි ශෝකයට පත්ව සිටින බවයි.
මෙම පහරදීම මිලිටරි ප්‍රහාරයක් ලෙස හඳුන්වමින් වතිකානුවේ රාජ්‍ය ලේකම් පීට්‍රෝ පැරොලින් පැවසුවේ, මියගිය අයගේ ආත්මයන් සර්වබලධාරී දෙවියන්ගේ ප්‍රේමනීය දයාවට ප්‍රශංසා කරමින්, ශෝකයට පත්වූවන්ගේ සැනසීම සහ තුවාල ලැබූවන්ට සුවය පතා ශුද්ධෝත්තම පියාණන් යාච්ඤා කරන බවයි.
ලියෝ පාප්තුමාගේ සැනසිලිදායක වචන සඳහා කෘතඥ වන බව ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart