
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ (02) මියගිය බවට වාර්තා වූ බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව ප්‍රකාශ කර තිබේ.
අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළකරමින් ඇය මේ බව සඳහන් කර ඇත.
මෙමගින් ගැබ්ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමුකිරීම තම අරමුණ වූ බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.
තම මරණය සම්බන්ධයෙන් සිදුකළ අසත්‍ය ප්‍රචාරය හරහා එම අරමුණ සාර්ථක කරගැනීමට හැකිවූ බවද ඇය සඳහන් කර ඇත.
කෙසේවෙතත්, ඇය සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනකුගේ අප්‍රසාදය පළවෙමින් පවතින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart