
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුළං ප්‍රවාහයත් සමඟ ඉන්දියාවෙන් පැමිණෙන දූෂිත වාතය ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් ඇති කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.
සුළං ප්‍රවාහය සමඟ ඉන්දියාවෙන් එන දූෂිත වාතය බණ්ඩාරවෙල සහ බදුල්ල වැනි ප්‍රදේශවල මීදුම ඇති කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
“නවදිල්ලියේ සිට ගලා එන සුළං ප්‍රවාහය රවුම් චලිතයකින් පැමිණ එහි දිල්ලි සිට බෙංගාල බොක්ක දෙසට ගමන් කරයි. බෙංගාල බොක්කෙන් වක්‍රවන මෙම සුළං ප්‍රවාහය නැගෙනහිර දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළු වෙනවා. එය ලංකාවට බලපාන්නේ මේ ආකාරයෙනුයි” ඔහු පවසා තිබේ.
“සුළඟ සමඟ තෙතමනයක් ඉක්මනින් පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වැසි ඇති වෙන්න පුළුවන්. එමගින් මීදුම අඩුවෙනවා. කෙසේවෙතත් මේ මස අග වන විට ඉන්දියාවෙන් තවත් වයු ප්‍රවාහයක් පැමිණීමට ඉඩ තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට වැඩි බලපෑමක් නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉදිරි දිනවලදී නුවරඑළියේ උෂ්ණත්වය අඩුවීමක් සිදුවනු ඇති බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart