
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පෙරේදා 21 වැනිදා සවස 6.00 පමණ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබෙනු දක්නට ලැබිණි.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඔස්සේ ඊයේ 22 වැනිදා වන විට දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ බොහෝදෙනකු විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව, හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ අයි. 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පෙරේදා 21 වැනිදා සවස 2.25ට පමණ පිටත්ව ගොස් ඇත.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පෙරේදා 21 වැනිදා රාත්‍රී 11.15ට තායිලන්තයේ බැංකොක් නුවර බලා හායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්. ඩී. 141 දරන ගුවන් යානයෙ ද, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඊයේ 22 වැනිද අලුයම 12.50ට ප්‍රොකො බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී. එක්ස් 610 දරන ගුවන් යානයෙන්ද පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිය ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ ඊයේ 22 වැනිදා අලුයම 3.30ටේ ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊකේ. 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.
කටුනායක ගුවන්තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා, ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart