
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය සහ The Barn House Sri Lanka හි හවුල්කාරීත්වය යටතේ මෙරට වර්ධනය වෙමින් තිබෙන පෝලන්ත සංචාරක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නව විවාහ සහ විවාහ ගිවිස ගැනීමේ වැඩසටහනක් වශයෙන් “Whispers of Ceylon” හඳුන්වා දී ඇත.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයට අනුව ඉකුත් අගෝස්තු 24 වන දින පෝලන්ත යුවලකගේ විවාහය සමග ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, ස්වදේශික ප්රජාවගේ චාරිත්ර වාරිත්ර සමඟ සුඛෝපබෝගී සහ පරිසර හිතකාමී ආගන්තුක සත්කාරය මුසුකරමින් ඉහළ මට්ටමේ යුරෝපීය මංගල උත්සව සඳහා ශ්රී ලංකාව ප්රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමයි.
මෙරට තුළ ඔවුන්ගේ විශේෂ දිනය සැලසුම් කිරීමට කැමති විදේශීය සංචාරකයන් සඳහා නව විවාහ මංගල උත්සවයක අත්දැකීමක් සහ නව සංකල්පයක් පිරිනැමීම මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරේ.
මෙරට ආදිවාසීන්ගේ සිරිත් විරිත්, සම්ප්රදායන් සහ චාරිත්ර වාරිත්ර සමඟ සම්බන්ධ වීමේ අත්දැකීම් ඇති අතරම, විශේෂයෙන් ශ්රී ලංකාවේ ස්වදේශික ප්රජාව (ආදිවාසීන්) සමඟ සම්බන්ධ වීම සඳහා සංචාරකයින් වැඩි කැමැත්තක් දකවන බව මෙයින් ඉස්මතු වනු ඇත.
මෙය ස්වදේශික ප්රජාවන්ගේ පැරණි සම්ප්රදායික උරුමය ඔවුන්ගේ චාරිත්ර වාරිත්ර සමඟින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඇති විශිෂ්ට මුලපිරීමකි.
පෝලන්ත සංචාරකයන් මෙරට සංචාරක ක්ෂේත්රය සඳහා නැගී එන සහ අංශයක් ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය වසර කිහිපය තුළ පෝලන්ත සංචාරකයන් සිය විවේකය ගතකිරීම සඳහා දිවයිනට පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart