
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවූ අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශවලින් හමුවූ තර්ජනාත්මක පෝස්ටර් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් වෙඩි හුවමාරුවකින් මියගිය කුප්‍රකට පාතාල නායක මධුෂ් මිහිදන් කළ මහරගම ගොඩිගමුව සුසාන භූමියේ තිබී බැනරයක් හමු වී තිබුණේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේය.
එම බැනරයේ “අපේ අයියේ … එක ක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න…” යන පණිවිඩය සහිත මධුෂ්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබිණි.
එකී අගට “කේපීඅයි” යන අකුරු සටහන් කර තිබුණේ කංජිපානි ඉම්රාන්ට එහි සම්බන්ධයක් තිබිය හැකි බවට ඉඟි කරමිනි.
ක්ලබ් වසන්ත ඝාතනය වූ දිනයේ මධුෂ්ගේ අනියම් බිරිඳ සුසාන භූමියට පැමිණ ඉටිපන්දම් දල්වා ඇති බවට ද වාර්තා විය.
2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී කළු තුෂාර මියයෑමෙන් පසු ඇය මධුෂ් සමඟ ඩුබායි හි ජීවත් වී තිබිණි.
එමෙන්ම මහරගම ස්ටේෂන් පාරේ පිහිටි මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස අසලින් ද පොලිසිය විසින් පෝස්ටර් කිහිපයක් සොයා ගන්නා ලදී.
“පාතාලේ හැම එකාම මධුෂ් ගිය තැනට යන්න සැරසියල්ලා”, “කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි ” වැනි පණිවිඩ එම පෝස්ටර්වල සටහන්ව තිබිණි.
හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවේ සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල දැන්වීම් පුවරුවක ද මෙවැනිම තර්ජනාත්මක පෝස්ටර් දක්නට ලැබිණි.
මෙම පෝස්ටර් පොලිස් භාරයට ගෙන මහරගම සහ දෙමටගොඩ පොලිස් ස්ථාන හරහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart