
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කර, තර්ජන කළ බවට චෝදනා එල්ලවූ අවුරා ලංකා පෞද්ගලික සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල නමැත්තා ඊයේ(26) පස්වරුවේ නීතිඥවරයකු මගින් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.
ඔහු රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් එන්. ටී. ඩී. ඉල්ංගරත්න නියෝග කර ඇත.
රාජාංගනය යාය 18 ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවූ බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ.
මෙම පුද්ගලයා තමාට මරණීය තර්ජන කළැයි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි සටහනක් තබා ඇත.
විල්පත්තු වන ජීවී ප්‍රේරක කළාපයේ සැණකෙළියක් සංවිධානය කර ඇති අවුරා ලංකා ආයතනයේ සභාපතිවරයා “ඕඅයිසී මම දකිනකොට හැංගෙන්නේ ඇයි?කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න. උඹ දැනගණින් උඹේ යුනිෆෝම් එක ගලවනවා” යැයි කියමින් ජනතාව ඉදිරියේ මරණ තර්ජනය කළ බවද සටහන් කර තිබේ.
සැකකරු එම අවස්ථාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩ තිබූ හෙයින් එසේ නොකළ බව පොලිස් සථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart