
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්රියේ හෝකන්දර ප්රදේශයේදී වේගයෙන් ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා ඇති අතර, ගංජා ජාවාරමට සම්බන්ධ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාලබේ පොලිස් ස්ථානයේ නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස සංඥා කළ නමුත් රියදුරු එය ප්රතික්ෂේප කර වාහනය ආපසු හරවා පළාගිය බව පොලිසිය සඳහන් කරයි.
පසුව නිලධාරියෙකු මෝටර් රථයේ ටයරයට වෙඩි තැබීමෙන් පසු එය මාර්ගයේ ලයිට් කණුවක ගැටී ඇත.
පොලිසිය වාහනය පරීක්ෂා කිරීමේදී ආසනය යට සඟවා තිබූ ගංජා කිලෝග්රෑම් 1.8 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන්ගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු තවත් ගංජා කිලෝග්රෑම් 1 ක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
දෙල්ගොඩ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 33 හැවිරිදි බිරිඳ යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මාලබේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart