
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 ජනවාරි 2 වැනිදා සිට අතුරුදන්ව සිටින 15 හැවිරිදි ජාසන් මොහොමඩ් නමැති බාලවයස්කාර දරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
එම දරුවාගේ මව විසින් ජනවාරි 04 වැනිදා කළුතර දකුණ පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අංක 121/05 ඒ, මාෆූර් චන්ද්‍රවංකය, කළුතර දකුණ යන ලිපිනයේ පදිංචි ජේසන් මොහොමඩ් අඩි 5ක් පමණ උසැති, සිහින් සිරුරකින්, දිගටි මුහුණකින්, කොටට කපා දැමූ කොණ්ඩයකින් සහ මද රැවුල ඇති අයෙකි.
අතුරුදන් වන විට ඔහු සුදු කමිසයක් සහ සුදු කලිසමක් හැඳ සිටි බව පොලීසිය පවසයි.
මොහු සිටින ස්ථානය පිළිබඳව තොරතුරක් දන්නේ නම් කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591691 අංකයට හෝ කළුතර දකුණ පොලිස් ස්ථානයට 034-2222222 / 034-2222223 යන දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart