
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වන විවිධ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශනය කර පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට උපදෙස් දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් කිහිපයක් සහ මෑත කාලීන පළාත් පාලන මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර ඇති සම්බන්ධතා විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
පොලිසිය එවැනි පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නේදැයි කළ විමසීමකට ඔහු සඳහන් කර ඇත්තේ “උත්ප්රාසාත්මක දෙය නම්, මෙම පුද්ගලයන්ගෙන් සමහරක් පාර්ලිමේන්තුවට පැමිණ ජාතික ආරක්ෂාව ගැන කතා කරන අතර, ඔවුන්ගේම සාමාජිකයන් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වී සිටීමයි. එවැනි පුද්ගලයන් 50කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි. ඔවුන්ගේ තොරතුරු දැන් පියවර ගැනීම සඳහා පොලිසියට භාර දී තිබෙනවා.” යනුවෙනි.
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඇතැම් පරීක්ෂණ අතීතයේ දී විවිධ දේශපාලන සම්බන්ධතා භාවිත කරමින් යටපත් කර තිබුණද, ඒවා නැවත ආරම්භ කිරීම සඳහා දැන් පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු කියා සිටියේය.
වර්ධනය වන ඝාතන රැල්ලට විසඳුම් සෙවීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් විවේචනය කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ප්‍රතිචාර වශයෙන්, අමාත්‍ය විජේපාල කියා සිටියේ විවිධ විපක්ෂ දේශපාලන පක්ෂවලින් තරඟ කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් හෙළි කරමින් එම පුද්ගලයන් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවය.
මෙම ලැයිස්තුවට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයන් නව දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයන් අට දෙනෙකු, මහජන සන්ධානයෙන් අපේක්ෂකයන් හතර දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් තිදෙනෙකු සහ සර්වජන බලයෙන් එක් අයකු ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart