
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය රජයන් යටතේ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කිරීමට කැපවන බවත් අල්ලස හා දූෂණය මැඬලීමට ප්‍රමුඛත්වය දෙන බවට ජනතාවට සහතික වන බවත් නව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස ආනන්ද විජයපාල බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන බලපෑම්වලින් මුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග අගයමින් ඇමැතිවරයා සිය දේශනයේදී ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී, සාධාරණ සහ මහජනතාවට වගවීම සහතික කිරීම පිළිබඳ තම ස්ථිර ස්ථාවරය යළිත් අවධාරණය කළේය.
“නීතිය හා සාමය ජනතාවට සැබෑ ලෙස සේවය කිරීමට නම් ශ්‍රී ලංකා පොලිසිය පක්ෂග්‍රාහී හෝ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව තම රාජකාරිය ඉටු කළ යුතු බව අපි විශ්වාස කරනවා. පොලිසියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි කැපවී සිටිනවා. ඔවුන්ට අපක්ෂපාතීව මහජනතාවට සේවය කළ හැකි පරිසරයක් සලසා දෙනවා,” යැයි ඔහු පැවසීය.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මතු වූ ගැටලුවලට පිළිතුරු දෙමින් ඇමැති විජයපාල සහතික වූයේ අල්ලස හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම ප්‍රමුඛතාවක් ලෙස පවතින බවයි.
“අපගේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි අල්ලසට හා දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වුණා. අපි එම පොරොන්දුව ඉටු කරනවා,” යැයි ඔහු තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart