September 17, 2025

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පත්කර තිබේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නිල සංචාරයක් සදහා විදෙස්ගත වීම හේතුවෙනි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකය.