
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහනයක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරක් මත, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර් 140 කණුව අසල තිබී මෙම සැක කටයුතු වාහනය සොයා ගත් බව පොලිසිය පවසයි.
අධිවේගී මාර්ග රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා වාහනය තිහගොඩ පොලිසියට භාර දී තිබේ.
මූලික විමර්ශනවලින් හෙළි වූයේ වාහනය දොඩන්ගොඩ අන්තර් හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී මත්තල දෙසට ගමන් කරමින් තිබූ බවයි.
වාහනයේ ලියාපදිංචි අංකය මත පදනම් වූ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ එම ලියාපදිංචිය සහිත තවත් වාහනයක් රත්නපුරයේ පුද්ගලයකුට අයත් බවයි.
කෙසේවෙතත්, වාහන දෙකෙහි එන්ජින් අංක වෙනස්ය.
අතහැර දමා ගොස් ඇති වාහනය මෙරූන් පැහැයෙන් යුක්ත වන අතර රත්නපුරයේ ලියාපදිංචි කර ඇති වාහනය සුදු පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කළේය.
වාහනය තිහගොඩ පොලිස් ස්ථානයට ගෙනැවිත් අගුලු කැඩීමෙන් පසු, කුරුණැගල ප්රදේශයේ ප්රසිද්ධ පාසලක නමක් සහිත දිනපොතක් සහ සහතිකයක් නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.
දිනපොතෙහි තිබී සොයාගත් හැඳුනුම්පත් පිටපතක් මත පදනම් වූ වැඩිදුර පරීක්ෂණවලදී පොතුහැර ප්රදේශයේ ලිපිනයක් පොලිසියට ලැබී තිබේ.
පොලිසිය පැවසුවේ එම පුද්ගලයා ජනවාරි 25 වැනිදා තම නිවසින් පිටව ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart