
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරීන් 30කට වැඩි පිරිසක් ඇතුළු 163 දෙනකුගේ ලැයිස්තුවක් හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
හරක් කටාට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයට මෙම පොලිස් නිලධාරීන් කෙතරම් සම්බන්ධදැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
“නදුන් චින්තකගේ ජංගම දුරකථන තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු විමර්ශන නිලධාරීන් ඔහු හා සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් 163 දෙනෙකුගේ ලැයිස්තුවක් හඳුනාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් සැකකරු සමඟ සෘජුවම සම්බන්ධදැයි අපට තහවුරු කිරීමට නොහැකියි. ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පෙර අපි විශ්ලේෂණය කරනවා. පොලිස් නිලධාරීන්ගේ බැංකු විස්තර සහ වත්කම් ලැයිස්තුවේ තිබෙනවා” යැයි හෙතෙම පැවැසීය.
නදුන් චින්තක 2016 සිට 2023 දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 4000කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙනවිත් ඇති බව වැඩබලන පොලිස්පතිවරයා අනාවරණය කළේය.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය’ මෙහෙයුමේ පළමු මාසය තුළ ඊයේ වන විට සැකකරුවන් 40,590ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 38,225 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි 2,365 දෙනා මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු සහිත 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සඳහා විවෘත වරෙන්තු සහිත 1,499 ක් ඇතුළුව පොලිසියට අවශ්‍ය සැකකරුවන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart