
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර කොළඹින් වීදි සුනඛයන් ඉවත්කරන බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනමධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කර ඇත.
“අපි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර එය සම්පූර්ණ බොරුවක්,” ඔහු පවසා තිබේ.
“මෙය සිදු වූයේ කොහේදැයි අපි විරෝධතාකරුවන්ගෙන් විමසුවා. ඔවුන්ට කිසිදු තොරතුරක් ලබාදීමට නොහැකි වුණා” ඔහු සඳහන් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සඳහා විශේෂ ආරක්ෂක පියවර ගෙන ඇති බව එම නිලධාරියා තහවුරු කර ඇති නමුත් විරෝධතාකරුවන් පවසන පරිදි එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අවධාරණය කර තිබේ.
සත්ව හිමිකම් ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වූ අතර, නගරය තුළ සහ අවට වීදි සුනඛයන් ඉවත්කිරීමට උත්සාහ බවට චෝදනා කළහ.
නගරය ‘අලංකාර කිරීමට’ හෝ සමහර විට ඉන්දීය නායකයාගේ සංචාරය පිළිබඳ ආරක්ෂක ගැටළු නිසා සුනඛයන් ඉවත්කර ඇති බව පවසමින් විරෝධතාකරුවෝ බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart