
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම නිවස තුළම ඖෂධ ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කොස්තාපල්වරයා කොහුවල පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ අයෙකු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති අනෙක් දෙදෙනා සැකකාර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්ද්‍රව්‍ය සැපයූ බව කියන පුද්ගලයකු බව වාර්තා වේ.
වැටළීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ ගබඩා කර තිබූ පෙති සහ කරල් 1,330,420ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටළීම සිදුකර ඇත්තේ මන්නාරම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.
කොහුවල පොලිසියේ වසර 14ක් සේවය කර ඇති මෙම කොස්තාපල්වරයා, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු යැයි කියන ඖෂධ අලෙවිසැලක හිමිකරුවකු විසින් ලබාදෙන ඖෂධ තම නිවසේ ගබඩා කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහරින බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව චෝදනා තුනක් යටතේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ 35 හැවිරිදි වියේ පසුවන අතර, ඖෂධ අලෙවිසලේ හිමිකරු 49 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart