
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCTV කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුළත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය 2024.02.01 වන දින සිට ආරම්භකර පවත්වාගෙන යන ලදී.
මේ දක්වා එසේ දර්ශනය වූ රථ වාහන වැරදි 12,918 ක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මකකරමින් අදාළ මාර්ග නීති කඩකිරීම් සිදුකළ රියදුරන් පදිංචිව සිටින පොලිස් වසම අයත් පොලිස් ස්ථාන වෙත අදාළ වැරැද්ද දැක්වෙන වීඩියෝව සමඟ චෝදනා පත්‍ර යොමුකර පොලිසිය පවසයි.
පොලිසියට අනුව මෙම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවීම හේතුවෙන් නව මෘදුකාංගයක අවශ්‍යතාවය දැඩිව පැනනැගී තිබී ඇත.
ඒ අනුව Prime management services (Pvt) Ltd ආයතනයේ දායකත්වය මගින් ලබාගත් පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගය 2025.01.21 වන දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළිදැක්වීය..
නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025.01.21 වන අද දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ (CCTV) කොට්ඨාසය තුල භාවිත කිරීමට නියමිතය.
මෘදුකාංගය එළ්දැක්වූ අවස්ථාව සඳහා පොලිස්පතිවරයා ප්‍රධානව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති එන්.පී. ලියනගේ, CCTV දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ජිනේරු ටී.පී. ගම්ලත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර, අධ්‍යක්ෂ CCTV කොට්ඨාසය කේ.ඒ.ජේ. කොඩිතුවක්කු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart