
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී පෙරේදා (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැළේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරගයට වැස්සෙන් බාධා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණයා එක්වරම ක්‍රීඩාපිටියට පැන පිතිකරුවන් දෙදෙනා අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී අදාළ තරුණයා අධික ලෙස බීමතින් සිටි බව පොලීසිය පවසයි.
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීම සඳහා ඔහු ක්‍රීඩාපිටියට ඇතුළු වූ බවයි.
එම අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටියේ ශ්‍රී ලංකා පිතිකරු නිශාන් මධුෂ්ක ය.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart