
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඇබ්බැහිවූවන් සහ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන් සහ ඇබ්බැහිවූවන් සැළකිව යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිස් නිළධාරීන්ට වෙහෙසකර කාර්යයක් වී ඇති බවයි.
ගෙවල් බිඳුම්, මෝටර් රථ සොරකම්, ගෘහස්ත හිංසන ඇතුළු සාපරාධී ක්‍රියාවන් මෑතක සිට ඉහළ යෑමට හේතු වී ඇත්තේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා බව ඔහු සඳහන් කර ඇත.
එවැනි වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිළධාරීන් උපදෙස් ලබාදී ඇති බව සඳහන් කළ ඔහු, ඒ අනුව “සවිය” දැනුවත් කිරීමේ වැඩසටහන දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු නිරාකරණය කරන ආකාරය පිළිබඳව පොලිස් නිළධාරීන් දැනුවත් කරමින් “සවිය” දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කර ඇත.
කොළඹ, කැලණිය, නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් වසම්වල මේ වනවිට මෙම වැඩසටහන පවත්වා ඇති අතර මීගමුව, ගම්පහ, කළුතර සහ පානදුර යන පොලිස් වසම් දක්වා එය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart