
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නීතිවිරෝධි කටයුතුවලට භාවිත කළ රුපියල් කෝටි ගණනක් වටිනා බේරුවල සහ දෙහිවල පිහිටි සුඛෝපභෝගි නිවාසවල හිමිකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව, 2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත යටතේ බේරුවල නිවෙසේ අයිතිකරු වන මොහොමඩ් හාසිම් ඉබතුල්ලා සහ දෙහිවල නිවෙසේ හිමිකරු වන මොහොමඩ් ඉතිසාමි ඉබතුල්ලා යන අය සම්බන්ධයෙන් මේ විමර්ශනය ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වන මොහාමඩ් සහ්රාන් යන අයගේ ත්‍රස්ත සංවිධානය වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ කටයුතු වෙනුවෙන් අංක 43, රාජසිංහ මාවත දෙහිවල ලිපිනයෙහි පිහිටි සුඛෝපභෝගී නිවෙසත්, අංක 96, චීන කොටුව පාර, බේරුවල ලිපිනයෙහි පිහිටි දෙමහල් නිවෙසත් භාවිත කිරීම සඳහා එහි හිමිකරුවන් වන මොහොමඩ් ඉතිසාමි ඉබතුල්ලා සහ මොහොමඩ් හාසිම් ඉබතුල්ලා යන දෙදෙනා අවස්ථාව සලසා දී ඇති බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මේ සුඛෝපභෝගී නිවාසවල හිමිකරුවන් දෙදෙනා මේ වන විට මෙරටින් පළාගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ගෙන ඇති බවත්, මොවුන් අදාළ ත්‍රස්ත සංවිධාන සදහා රුපියල් කෝටි ගණනින් මුදල් ආධාර දී ඇති බවට සිදුකළ විමර්ශනවලින් හෙළි වූ බැවින් මේ විමර්ශනය ආරම්භ කළ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී මේ පුද්ගලයන් දෙදෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වූ අතර, මෙරට ව්‍යාපාරිකයන්ව සිට මේ වන විට ඕස්ට්‍රේලියානුවන් ලෙස එරට ජීවත් වන අහමඩ් ලුක්මාන් තාලිබ් යන අයද මොවුන් සමඟ සම්බන්ධ වී තිබූ බවට හෙළි වී ඇතැයිද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මේ තිදෙනාම මෙරට ඉස්ලාමීය තරුණයන් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන වෙත යොමු කරඅවි පුහුණුව දී මෙරට තුළ ප්‍රචණ්ඩ අන්තවාදි මතවාද ප්‍රචාරය කරවා ඇති බවත්, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, හිස්බුල්ලා ඛාන් අහමඩ්, මොහොමඩ් ශිරාන්, ආම්ස්ඩීන් හනාන් නමැත්තන් එක්ව අදාළ දෙහිවල සහ බේරුවල පිහිටි නිවාසවලට එක්රැස්ව සාකච්ඡා පවත්වා කටයුතු කර ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart