
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකු විසින් ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපටයක් සකස්කර සමාජ මාධ්‍යය වෙත නිකුත්කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් සම්බන්ධයෙන් පොලිසිය ජනතාව දැනුවත් කරන ආකාරයෙන් ව්‍යාජව මෙමහඬ පටය නිර්මාණය කර ඇති බවයි.
සිය නිවෙස අවට පිරිසිදු කරගැනීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් මෙම හඬ පටය සකස්කර ඇත.
එම උපදෙස් පිළිගැනීමට අසමත් වන පුද්ගලයන්ට ජනවාරි 15 වැනිදායින් අනතුරුව නඩු පවරන බවද එහි ප්‍රකාශ වේ.
පොලිසිය පවසන්නේ, මෙම වංචනික ක්‍රියාව සිදුකළ පුද්ගලයා සොයාගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart