
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 50කට අධික මුදලක් වංචා කළ ආයතනයක හිමිකරුවකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉඩම් කට්ටි ලබාදෙන බවට පොරොන්දු වෙමින් මෙම යුවළ පුද්ගලයන් කිහිපදෙනකුගෙන් මුදල් වංචා කර ඇති බව පොලිසිය පවසයි.
මෙම යුවළට එරෙහිව අවම වශයෙන් පැමිණිලි නවයක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පෞද්ගලික ආයතනයක හිමිකරු වන මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ වන ඊ.එච්. ශ්‍රීමතී තිස්සකුමාරි නම් මොවුන් සැඟවී සිටි අතර, ඔවුන් සොයාගැනීමට මහජන සහය පතා පොලිසිය ඔවුන්ගේ ඡායාරූප නිකුත් කර තිබේ.
ඔවුන් සිටින ස්ථානය හෝ වෙනත් තොරතුරක් පිළිබඳව දන්නා අයෙක් වෙතොත් 0718591045 හෝ 0812222222 ඔස්සේ මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart