
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (04) රාත්‍රියේ හෝටලයක ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ජා-ඇල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජා-ඇල ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයක් අතරතුර සැකකරු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර ඇති වූ වචන හුවමාරුවක් මත ගැටුමක් දක්වා දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
පසුව සැකකරු පහරකෑමට ලක්වූ පුද්ගලයා හෝටලයේ පිහිනුම් තටාකයට තල්ලු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ ජාඇල, තුම්පෙලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ දේහය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart