
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැමිණිල්ලක් විසඳීමට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් සැරයන්වරයෙක්ට පුද්ගලයෙක් විසින් පහර දී ඇති අතර, පසුව ශ්‍රීපුර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් නිලධාරියාගේ යතුරුපැදියටද පහර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම ඊයේ (04) සවස පිටකොටුව බස් නැවතුම ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් පරික්ෂා කිරීම සඳහා පොලිස් මුර කුටිය වෙත කැඳවාගෙන ගොස් සිටියදී, එහි සිටි නිලධාරීන්ට පිහියකින් ඇනීමට තැත් කළ පුද්ගලයකු පිටකොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේදී ඔහු ඉණෙහි සඟවාගෙන සිටි පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට තැත් කර ඇති අතර, මුර කුටියේ වීදුරුවලට ද පහරදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවක විවෘත වරෙන්තුවක් ඇති පුද්ගලයක් බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර, ආගරපතන පොලීසියේ විවිධ පැමිණිලි සටහන් පොත ගිනිතැබූ පොලිස් සැරයන්වරයාගේ සහ පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ අවසරයකින් තොරව පැමිණිලි සටහන් පොත සිය භාරයට ගෙන ඇති පොලිස් සැරයන්වරයා, පොලිස් කොස්තාපල්වරියට නියෝග කර ඇත්තේ එය ගිනි තබා විනාශ කරන ලෙසටය.
සැරයන්වරයාගේ නියෝගයට අවනත වූ පොලිස් කොස්තාපල්වරිය විසින් භට නිවාසය වෙත සටහන් පොත ගෙන ගොස් ගිනි තබා විනාශ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart