
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෝලන්තයේ දේශීය කර්මාන්ත සබල ගැන්වීම සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ආරක්ෂක, තාක්ෂණික, න්යෂ්ටික බලශක්තිය, පිරිසිදු බලශක්තිය සහ ආයෝජන යන ක්ෂේත්රයන්හිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පෝලන්තය අපේක්ෂා කරයි.
‘StratNewsGlobal’ පුවත් සේවය වෙත අදහස් දක්වමින් පෝලන්ත මුදල් සහ ආර්ථික අමාත්ය අන්ද්රේ දොමාන්නිස්කි සඳහන් කළේ, නවදිල්ලිය සමඟ පවතින රාජ්යතාන්ත්රික සබඳතා ප්රායෝගික ව්යාපාරික ගිවිසුම් බවට පත්කර ගැනීමට පෝලන්තයට අවශ්ය වී ඇති බවයි.
දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ප්රධාන ක්ෂේත්ර ලෙස ආරක්ෂක, පර්යේෂණ හා සංවර්ධන, තාක්ෂණික සහ බලශක්ති ක්ෂේත්ර අමාත්යවරයා විසින් හඳුනාගෙන ඇත.
එසේම, යුරෝපීය සංගමයේ කර්මාන්ත හා තාක්ෂණික පද්ධතිය තුළ පදනමක් සපයමින්, ඉන්දියානු සමාගම්වලට යුරෝපීය සංගම් වෙළඳපොළ වෙත ව්යාප්ත වීමට පෝලන්තයට උපකාර කළ හැකි බවද ඔහු පැවසීය.
පෝලන්තයේ ඉහළ යන ආරක්ෂක වියදම් සහ බලශක්ති සංක්රාන්තිය දේශීය ආර්ථික වර්ධනයේ ප්රධාන නියමුවන් බවට පත්කර ගැනීමට දරන උත්සාහයත් සමඟ මෙම පියවර ගෙන ඇත. යුක්රේන යුද්ධයත් සමඟ පෝලන්තයට සිය ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදු වූ අතර, එම වියදම් මගින් රැකියා උත්පාදනය කිරීමට, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්රවර්ධනය කිරීමට සහ පෝලන්ත සමාගම් ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරන බව දොමාන්නිස්කි වැඩිදුරටත් පැවසීය.
විදේශයන්ගෙන් ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට පමණක් සීමා නොවී, ආරක්ෂක ක්ෂේත්රය වටා ශක්තිමත් කාර්මික පද්ධතියක් ගොඩනැගීම සිය ප්රධාන අරමුණ බව ඔහු පැහැදිලි කළේය.
එම ආයෝජන මගින් විශ්වවිද්යාල, ආධුනික ව්යාපාර, ස්ථාපිත නිෂ්පාදකයින් සහ දේශීය තාක්ෂණික හැකියාවන් බලගැන්විය යුතු අතර, එමගින් ආරක්ෂක වියදම් ආර්ථික වර්ධනයේ සහ රාජ්ය බදු ආදායම් ඉහළ නැංවීමේ ප්රධාන මෙවලමක් බවට පත්කර ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සිය ආරක්ෂක කර්මාන්තය දියුණු කිරීමට සහ අපනයන වෙළඳපොළ ව්යාප්ත කිරීමට පෝලන්තය ජාත්යන්තර පාර්ශවකරුවන් සෙවීම කෙරෙහිද අවධානය යොමු කර ඇත. ඉන්දියාව සමඟ පවතින සහයෝගීතාවයේ ඇති හැකියාවන් පෙන්වා දීම සඳහා අමාත්ය දොමාන්නිස්කි පෝලන්තයේ ‘WB Group’ ආරක්ෂක සමාගම උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වීය. එම සමාගම නිෂ්පාදනය කරන නියමුවන් රහිත ගුවන් යානා පද්ධති දැනටමත් ඉන්දියානු සන්නද්ධ හමුදාවන් විසින් භාවිත කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart