
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS TIPPU SULTAN නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගැනීමට කටයුතු කෙරුණි.
නැව් මුළුව 168 දෙනෙකුගෙන් සමන්විත වන අතර ලබන 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතව ඇත.
දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ තවත් වැඩසටහන කිහිපයක් ද සංවිධානය කර තිබේ.
සුල්තාන් නෞකාවේ නැව් මුළුව මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව සිටී.
පසුගිය ජුනි 02 වැනිදා පාකිස්තාන නාවික හමුදාවට අයත් PNS SHAHJAHAN නෞකාව ද නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියා.
ඒ අනුව PNS TIPPU SULTAN මේ මාසයේ මෙරටට පැමිණි දෙවැනි පාකිස්තාන නාවික හමුදා නෞකාවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart