
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දු – පෝලන්ත නායකයින් අතර හමුවක්
යුක්රේනයේ සහ මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ගනු ලබන සෑම අර්ථවත් සහ සාධනීය ප්රයත්නයකටම ඉන්දියාව නොකඩවා සහාය දක්වන බව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ප්රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත පෝලන්ත අග්රාමාත්ය ඩොනල්ඩ් ටස්ක් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුවය.
යුක්රේන අර්බුදය අවසන් කිරීම සඳහා වූ ගෝලීය රාජ්යතාන්ත්රික ප්රයත්නයන් නැවත වරක් තීව්ර වී ඇති පසුබිමක පෝලන්ත අග්රාමාත්යවරයාගේ මෙම තෙදින ඉන්දීය සංචාරය සිදුවෙයි.
සාකච්ඡාවලින් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දැක්වූ අග්රාමාත්ය මෝදි කියා සිටියේ ඉන්දියාව සහ පෝලන්තය අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා වැදගත් තීරණ රාශියකට එළඹි බවත්, දෙරට අතර සමස්ත සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම දැඩි කැපවීමෙන් පසුවන බවත්ය.
ආරක්ෂක, අභ්යවකාශ සහ න්යෂ්ටික බලශක්ති ක්ෂේත්රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට එකඟතාවකට පැමිණි බවත්, මෙම සියලු උපායමාර්ගික ක්ෂේත්රයන්හි ඉන්දියාව සමඟ එක්ව ඒකාබද්ධ සංවර්ධන සහ නිෂ්පාදන කටයුතුවල නිරත වන ලෙස පෝලන්ත සමාගම්වලට ආරාධනා කරන බවත් අග්රාමාත්ය මෝදි සඳහන් කළේය.
දෙරටේම වර්ධනය වන ආර්ථික ශක්තිය ඉන්දියා-පෝලන්ත හවුල්කාරිත්වයට නව අවස්ථා උදාකර දී ඇති බව පැවසූ අග්රාමාත්යවරයා, ඉන්දියාව සහ යුරෝපීය සංගමය අතර ඇති කරගන්නා නිදහස් වෙළඳ ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart