
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොරකම් කරන ලද ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) කාඩ්පතකින් විශාල මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
සොරාගත් ATM කාඩ්පතක් භාවිත කරමින් පසුගිය අගෝස්තු 21 වැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.
සොරකම සිදුවූ බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි එම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය අසල සවිකර තිබූ CCTV කැමරාවල දර්ශන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන තිබේ.
ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත 0718591681යන දුරකථන අංකයෙන් හෝ බණ්ඩාරගම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත 0718594267 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart